විදෙස්

කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

(UTV | ජෝර්දානය) – ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් ජෝර්දානයේ සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කොවිඩ් – 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන් 6දෙනෙකු මියයාමේ සිද්ධියක් පසුගියදා ජෝර්දානයෙන් වාර්තා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළ එරට සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට රජය පවසන්නේ, සිද්ධිය සම්බන්ධ සදාචාරාත්මක වගකීම තමන් භාරගන්නා බවය.

Related posts

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට

Mohamed Dilsad

‘පෙලෝසි තායිවාන සංචාරය අවුල් වියවුල් වැපිරීමක්’

Mohamed Dilsad

‘මිනිසුන්ට තර්ජනයක් විය හැකි’ අලුත්ම කොරෝනා වෛරසයක්

Mohamed Dilsad

Leave a Comment