දේශීය

2020 සාපෙළ සිසුන් වෙනුවෙන් විශේෂ පහසුකමක්

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ , ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මගින්ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්ම ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

Related posts

ජනපති අද ජනතා ගැටළු සොයන්න මාතලේට

Mohamed Dilsad

අම්පාරේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment