දේශීය

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

(UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්ර‍ාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරය‍ා පිලිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පෙර පුහුණු කටයුතු කටුනායක ගුවන්තොටුපලේ මේ දිනවල සිදුවේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද එම ස්ථානයට ගොස් එම පෙරහුරු වැඩසටහන නිරීක්ෂණය කලේය.

පාකිස්ථාන අගමැතිවරයාගේ සංචාරය සංවිධානය කිරීම සඳහා මෙරටට පැමිණ ඇති පාකිස්ථාන ආරක්ෂක හා රජය නිලධාරීන් සමග ද ඇමතිවරයා අදහස් හුවමාරු කරගත්තේය.

 

Related posts

මහ මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිබඳ අවධානය

Mohamed Dilsad

හිරු නාලිකාව ම⁣ට්ටු කරන්න අනුරගේ ආණ්ඩුවට ධාරිතාවක් නැහැ | බැරි වැඩ නොකර ඉන්න – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ආණ්ඩුවට උපදෙස්

Editor O

මෙරට මුළු ආසාදිතයින් 1801 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment