ව්‍යාපාරික

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රව වායු බලාගාරයට අනුමැතිය

(UTV | කොළඹ) – මෙගාවොට් 300ක විදුලියක් උත්පාදනය කිරීමට නියමිතව ඇති කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. (ස්වාභාවික ද්‍රව වායු) බලාගාරයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

මෙම බලාගාරය මගින් ජනනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 14.98 පමණ වන අතර ඩීසල් හා ස්වාභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) මඟින් මෙම බලාගාරයෙන් විදුලිය උත්පාදනය කළ හැකි වීම ද විශේෂත්වයකි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ‘ලක්දනව්’ සමාගම අතර මෙම බලාගාරය ක්‍රියාත්මක වන බව ද ජනක රත්නායක මහතා පවසයි.

මෙම බලාගාරය මගින් නිපදවන විදුලිය වසර විස්සක කාලයක් ලංවිම විසින් මිලදී ගැනීමට නියමිත අතර විදුලිය මිලදී ගැනීමට අදාළ නව කොන්දේසි දහ අටක් මෙම ගිවිසුමට ඇතුළත් කළ බව ද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

ලබුදූව වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේදයක් හදුන්වා දෙයි

Mohamed Dilsad

මෙරට ඇඟලුම් කර්මාන්ත වර්ධනයට රෙදිපිළි උද්‍යානයක්

Mohamed Dilsad

Leave a Comment