දේශීය

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන නව රෙගුලාසි පනවයි

(UTV | කොළඹ) – මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රී සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීමට අවසර ලබාදී තිබූ අමුත්තන් 150 ක සංඛ්‍යාව 50 ක් දක්වා අඩු කිරීමටත් සහ අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.

මීට අමතරව රාත්‍රී සමාජ ශාලා සහ උත්සව සඳහා සිමා පැනවීමට ද තීරණය කර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය පසුගිය දින කිහිපය පුරාවට වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් ලබාදී තිබූ ලිහිල් සීමාවන් දැඩි කිරීමට පියවර ගත් බව ද අවධාරණය කළාය.

 

 

Related posts

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Mohamed Dilsad

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment