දේශීය

මිලාන් හි කොන්සල් කාර්යාලයේ සේවා යළි ඇරඹේ

(UTV | කොළඹ) – පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ අමාත්‍යාංශය මගින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා පිළිබඳව සැළකිල්ලට ගෙන මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී මාර්ගගත ක්‍රමයට වේලාව වෙන් කරගෙන සේවා ලබාගැනීමේ ක්‍රමය නැවත හඳුන්වාදීමට සැළසුම් කර ඇත.

එමෙන්ම කොරෝනා සෞඛ්‍ය පූර්වෝපායන් අනුගමනය කරමින් රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවලදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු කෙරෙන බව ද විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

 

Related posts

සිව් දිනක් තුළ 95,550 කට කොරෝනා එන්නත ලබාදෙයි

Mohamed Dilsad

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ ශේෂය මිලියන 655 ක්

Mohamed Dilsad

Leave a Comment