දේශීය

මත්තල ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට සූදානම්

(UTV | හම්බන්තොට) – මත්තල ගුවන් තොටුපොලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සූදානම්ව සිටියි.

කටුනායක ගුවන් තොටුපොල සංචාරකයින් සදහා අගෝස්තු මස 01 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙන අතර , මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ගුවන් තොටුපොල විවෘත කිරීම සදහා අවශ්‍ය අති නවීන සමේ උෂණත්වය හදුනා ගැනීමේ කැමරා උපකරණ,  නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂණත්වමාන,  විශේෂිත මුහුණු ආවරණ,  අත්වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමට ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.

රුපියල් මිලියන 45 ක් වටිනා මෙම උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කළේ සංක්‍රමණිකයින් සදහා වන ජාත්‍යන්තර සංවිධානයයි.

 

Related posts

කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිිියාට ඇප නැහැ

Editor O

Leave a Comment