දේශීය

පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

(UTV| කොළඹ) – කොවිඩ් 19 මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

ඒ අනුව පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට ඇත.

ඒ අනුව දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද,ඉදිරියේ සැලසුම්කර ඇති උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.

 

 

Related posts

පළාත් සභා මැතිවරණය තියනවානම් පච ආණ්ඩුවේ තත්ත්වය රටට එලිදරව්වේවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

දෛනික ආසාදිතයින් 225ක්

Mohamed Dilsad

මහජන ගැටලූ වලින් 28000 කට පමණ විසඳුම් ලබාදී අවසන්

Mohamed Dilsad

Leave a Comment