ක්‍රීඩා

මුරලි , රොමේෂ් ඇතුළු 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී අතරමග නවතා දැමූ “Road Safty World Series T20” තරගාවලිය එලඹෙන මාර්තූ මාසයේ දී යළි පැවැත්වීමට මේ වන විට දින නියම වී ඇත.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී Sri Lanka Legends කණ්ඩායම නියොජනය කළ හිටපු සුපිරි ක්‍රිකට් තරු කිහිපයක්ම මෙවර තරඟාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇත.

ඒ අනුව වාර්තා වන ආකාරයට පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට සහභාගී නොවනු ඇත.

පෞද්ගලික හේතූන් පදනම් කර ගනිමින් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 

 

 

Related posts

ඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයි

Mohamed Dilsad

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

Mohamed Dilsad

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත අතට ගනී

Mohamed Dilsad

Leave a Comment