ක්‍රීඩා

මුරලි , රොමේෂ් ඇතුළු 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී අතරමග නවතා දැමූ “Road Safty World Series T20” තරගාවලිය එලඹෙන මාර්තූ මාසයේ දී යළි පැවැත්වීමට මේ වන විට දින නියම වී ඇත.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී Sri Lanka Legends කණ්ඩායම නියොජනය කළ හිටපු සුපිරි ක්‍රිකට් තරු කිහිපයක්ම මෙවර තරඟාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇත.

ඒ අනුව වාර්තා වන ආකාරයට පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට සහභාගී නොවනු ඇත.

පෞද්ගලික හේතූන් පදනම් කර ගනිමින් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 

 

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් චීනයේ විකාශය කිරීමේ ගිවිසුම අවලංගුයි

Mohamed Dilsad

විරාත් කෝලිට ICCයෙන් සම්මාන දෙකක්

Mohamed Dilsad

Leave a Comment