ව්‍යාපාරික

අපනයනය සඳහා වැල් දොඩම් වගා කිරීමට පියවර

(UTV | ගාල්ල) – අපනයනය කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැල් දොඩම් වගා කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ යටතේ නියාගම, නෙළුව, යක්කලමුල්ල, ඉමදුව සහ බද්දේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වගාකරුවන් 150 ක් පමණ කණ්ඩායම්ගත කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

හොරණ පළතුරු පර්යේෂණායතනයෙන් ලබාගත් බීජ ග්‍රෑම් 500 බැගින් එම වගාකරුවන් හට ලබා දී තිබේ.

වාර්ෂික ඉලක්කය ටොන් 400 ක් වන අතර අපනයන සමාගම් දෙකක් සමග සාකච්ඡා කර වගාකරුවන්ට හඳුන්වා දී ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය සඳහන් කළේය.

 

Related posts

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්

Mohamed Dilsad

පාම් තෙල් ඇතුළු තෙල් වර්ග කිහිපයක ආනයන බදු ඉහළට

Mohamed Dilsad

Leave a Comment