විදෙස්

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

(UTV | බටහිර අප්‍රිකාව) – බටහිර අප්‍රිකාවේ වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය සඳහන් කළේ ඉබෝලා වෛරසය නැවතත් රට තුළ ව්‍යාප්ත වී ඇති බවයි.

ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මීට වසර 05 කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 11,000 ක් පමණ මියගොස් තිබුණි.

යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන්කර තිබේ.

 

Related posts

ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් දිල්ලියට

Mohamed Dilsad

සෞදියට සම්බාධක පැනවීමට තව කල් යන ලකුණු

Mohamed Dilsad

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Editor O

Leave a Comment