විදෙස්

ඕක්ලන්ඩ් නගරය දින තුනකට හුදෙකලා කරයි

(UTV| නවසීලන්තය) – කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමෙන් පසුව නවසීලන්තයේ ප්‍රධාන නගරයක් වන ඕක්ලන්ඩ් නගරයට දින තුනක් සඳහා “දැඩි සංචරණ සීමා” පැනවීමට එරට අගමැතිනි ජසින්ඩා අර්ඩන් තීරණය කර තිබේ.

ඇය පැවසුවේ එම පුද්ගලයින්ට ආසාදනය වී ඇත්තේ වඩාත් සීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේදයක් යන උපකල්පනයෙන් රජය තීරණ ගන්නා බවය.

මෙම දින තුනක කාළය නිවෙස් තුළටම වී සිටින ලෙස නවසීලන්ත බළධාරින් විසින් ඕක්ලන්ඩ් නගරවාසීන්ට උපදෙස් ලබා දී ඇත.

මිලියන 05 ක ජනගහණයක් වෙසෙන නවසීලන්තය සැළකෙන්නේ කොරෝනා වසංගතය හොඳින්ම පාලනය කරන රට ලෙසයි.

ඒ සමගම රටේ අනෙක් ප්‍රදේශ සඳහා “දෙවැනි පෙළ” සංචරණ සීමා පනවා තිබේ. ඒ අනුව ජනතාව එක්වීම ට එරෙහිව විවිධ රීති පනවා ඇති අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

 

Related posts

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

Editor O

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment