ව්‍යාපාරික

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අදින් ඇරඹෙයි

(UTV | කොළඹ) – මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අදින් ආරම්භ වෙයි. වී මිලදී ගැනීම සදහා රජය ලබාදී ඇති සහතික මිල යටතේ මිලදී ගැනීම් සිදු කෙරේ.

නාඩු වී කිලෝවක් රුපියල් 50 කටත් සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 52 බැගිනුත් මිලදී ගැනිමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ උපසභාපති ප්‍රවීණ කෘෂි ආර්ථික විශේෂඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි. තෙතමනය සහිත වී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා මිලදී ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් මෙවර ආරම්භ කර ඇත.

දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීමේ කටයුතු ගබඩා මධ්‍යස්ථාන 326 කදී සිදු කෙරේ. පළමු අදියර යටතේ වී මෙට්ට්‍රික් ටොන් 50 දහසක් පමණ ඉදිරි මාස දෙක තුළ මිලදී ගැනීමට සැලසුම් කෙරේ. ඒ සදහා රුපියල් මිලියන 3000 ක් පමණ වැය වනු ඇති බවට ගණන් බලා ඇතැයි දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

Related posts

බඩ ඉරිඟු මිල පාලනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – ගොවිජන සම්මේලනය

Mohamed Dilsad

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කරයි [RELEASE]

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment