ව්‍යාපාරික

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය සමඟ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ ව්ශ්වවිද්‍යලයේ දී පැවැති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.   

කොන්සල් ජනරාල්වරයා කියා සිටියේ, වෙනත් ක්‍රියාකාරකම් හැරුණු විට ඔහු ඕස්ට්‍රේලියාවෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන බවත්, අනාගත ආයෝජකයින් සඳහා ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය. සිඩ්නි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමඟ කටයුතු කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිවැරදි පාර්ශ්ව හා බලධාරීන් සමඟ සම්බන්ධ වන ලෙසත් ඔහු ඕස්ට්‍රේලියානු ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

කොන්සල් (වාණිජ) අබ්දුල් රහීම් මහතා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා පිළිබඳව පුළුල් ඉදිරිපත් කිරීමක් කළ අතර, ශ්‍රී ලංකා රජයේ 2021 අයවැය යටතේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ඍජු විදේශ ආයෝජන ලබා දී ඇති බදු සහන ඉස්මතු කළේය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආයෝජකයෙකු වන රින්ස්ට්‍රම් ස්මාර්ට් වේයිං සොලූෂන්ස් හි සභාපති පෝල් කූපර් මහතා, මෙරට තුළ වැඩ කිරීමේ අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නිමැවුම් සඳහා විවිධ තීරුබදු සහන යටතේ විදේශ වෙළෙඳපොළවල පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව සාකච්ජා කළේය.

ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (QUT) ආර්ථික විද්‍යා හා මූල්‍ය පාසලේ අන්තර්ජාතිකකරණයේ භාවිතය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෲ පැල්ට්‍රිජ් මහතා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පැහැදිලි කළේය. බ්‍රිස්බේන් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ඇන්ටන් ස්වෝන් මහතා ස්තූති කථාව කළේය. ජාලකරණ සැසියේ දී ආරාධිතයෝ ශ්‍රී ලාංකික නිලධාරීන් සමඟ අන්තර් ක්‍රියාකාරකම්වල යෙදුණහ.

Related posts

විදුලි මෝටර් රථ ඉතිහාසයට අලුත් පියවරක්

Mohamed Dilsad

ඉන්දීය රුපියල කඩා වැටෙයි

Mohamed Dilsad

බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ටත් සහන යෝජනා [RELEASE]

Mohamed Dilsad

Leave a Comment