ව්‍යාපාරික

වාහන ආනයන සීමා ඉවත් කිරීම කල් යන ලකුණු

(UTV | කොළඹ) – වාහන ආනනය සඳහා සීමා පනවා තිබුනද සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනයට අවස්ථාව ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.  

එහි ලේකම් එස්.ආර් ආටිගල ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ රට තුළ පවතින කොරෝනා තත්වය පාලනයත් සමග සෙසු පෞද්ගලික වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

කෙසේවෙතත් ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය වාහන ප්‍රමාණවත් පරිදි ගෙන්වීමට රජය විසින් අවසර ලබා දී නොමැති බවයි.

 

Related posts

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමට සූදානම්

Mohamed Dilsad

රුපියලේ අගය පහතට

Mohamed Dilsad

වසරින් වසර ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment