ක්‍රීඩා

පාකිස්තානයේ තීරණය ගැන ශ්‍රී ලංකා පුහුණුකරු කණගාටුවෙන්

(UTV | කොළඹ) – අතරමගදී කල් දැමීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ ජූනි මාසයේ දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය අප්‍රසාදය පල කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අදාළ තීරණය නිසා එම මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලාන තරගාවලියට බලපෑමක් එල්ල වන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග අභිබවා ලීග් තරගාවලි සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම භයානක පූර්වාදර්ශයක් බව මිකී ආතර්ගේ අදහසයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇති නමුත්, මේ වන විටත් එය අර්බුදයට ලක්ව ඇත්තේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ඉන්දියාව සුදුසුකම් ලබා ඇති බැවින්.

එම අවසන් තරගය ජූනි 18 වනදායි ආරම්භ වීමට නියමිතව තිබේ.

 

Related posts

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

රංගන හේරත් තවත් වාර්තාවකට සුදානම්

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment