දේශීය

අඛණ්ඩව තෙවන දිනටත් දෛනික ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

(UTV| කොළඹ) – කොරෝනා ආසාදිතයින් 942 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 73,116 දක්වා ඉහළ ගොස් ඇත.

අඛණ්ඩව තුන්වන දිනටත් මෙලෙස ආසාදිතයින් නව සියයේ සීමාව ඉක්මවා වාර්තා වීම විශේෂත්වයක්.

ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 66,211 ක් වෙයි.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 379 ක් දක්වා ඉහළ ගියේය.

 

Related posts

උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන්ට අයැදුම් කිරීමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයි

Mohamed Dilsad

Leave a Comment