විදෙස්

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

(UTV | පැසිෆික්) – දකුණු පැසිෆික් සාගරයේ ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 7.7 ක භූ කම්පනයක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.

නිව් කැලිඩෝනියා දිවයිනට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඊයේ මැදියම් රැයේ එය සිදුවූ ඇත.

එමඟින් ෆීජි, නවසීලන්තය සහ වනවාටු දිවයින්වලට සුළු සුනාමි තත්ත්වයක් අපේක්ෂා කළද ෆීජි දිවයින පසුව එම නිවේදනය අවලංගු කිරීමට ද කටයුතු කළේය.

මේ අතර, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට නිරිත දෙසින් රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක්ද ඊයේ වාර්තා වූ අතර, එමඟින් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

 

Related posts

අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

සිරියානු ජනපතිට සහ බිරිඳටත් කොරෝනා

Mohamed Dilsad

සේවකයෝ 6,000ක් ගෙදර යවා මයික්‍රොසොෆ්ට් සමාගම කරන්න හදන වැඩේ.

Editor O

Leave a Comment