විදෙස්

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

(UTV | පැසිෆික්) – දකුණු පැසිෆික් සාගරයේ ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 7.7 ක භූ කම්පනයක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.

නිව් කැලිඩෝනියා දිවයිනට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඊයේ මැදියම් රැයේ එය සිදුවූ ඇත.

එමඟින් ෆීජි, නවසීලන්තය සහ වනවාටු දිවයින්වලට සුළු සුනාමි තත්ත්වයක් අපේක්ෂා කළද ෆීජි දිවයින පසුව එම නිවේදනය අවලංගු කිරීමට ද කටයුතු කළේය.

මේ අතර, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට නිරිත දෙසින් රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක්ද ඊයේ වාර්තා වූ අතර, එමඟින් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

 

Related posts

තුර්කියට බලපෑ ටොනෙඩෝවක් හේතුවෙන් දෙදෙනෙක් මරුට.

Mohamed Dilsad

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment