විදෙස්

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

(UTV |  සුඩානය) –  සුඩාන හමුදාවට අයත් ගුවන්යානාවක් ඩාෆූර් නගර සමීයේදී අනතුරට පත්ව පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුඩාන හමුදාවට අයත් ඇන්ටනොව් 12 වර්ගයේ යානාවක් ඩාෆූර් නුවරට බටහිරින් පිහිටි ප්‍රදේශයක් වෙත කඩාවැටී මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් මියගිය පිරිසෙන් හත්දෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් , ඉතිරි පිරිස සිවිල් වැසියන් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් නඩුකාරවරුන් බවටද සඳහන් වෙයි

එමෙන්ම මියගිය ඉතිරි පිරිසෙන් සිවුදෙනෙක් කුඩා දරුවන් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.

Related posts

ඉල්ලා අස්වන්නැයි බි‍්‍රතාන්‍ය අගමැතිට බලපෑම් [VIDEO]

Mohamed Dilsad

සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 39ක් මරුට

Mohamed Dilsad

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

Mohamed Dilsad

Leave a Comment