විදෙස්

සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 39ක් මරුට

(UTV|ඉන්දියාව) – උතුරු ඉන්දියාවට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

එරට නවදිල්ලි නුවරට දූවිල කුණාටුවක් කඩා වැදී පසුව ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 70ත් අතර අගයක් ගත් බව ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනය කර තිබේ.

අධිවේගී සුළං හා විදුලි කෙටීම් බොහෝ ගම්මාන විනාශයට පත් වූ අතර නිවාස දසදහසකට තුවාල සිදු කර ඇත.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.එම සංඛ්‍යාව16 කි.

 

බටහිර බෙංගාලයේ නැඟෙනහිර ප්‍රදේශයේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු දිල්ලිහිදී මිය ගිය බව වාර්තාවේ.

මිය ගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා ස්නාදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

Mohamed Dilsad

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නංගි මරුට

Mohamed Dilsad

හැරී සහ මේගන් දැඩි තීන්දුවක් ගනී

Mohamed Dilsad

Leave a Comment