විදෙස්

අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්

(UTV |  චීනය) – හදිසි අවස්තාවකට මුහුණදීමට සිදුවිය හැකි බැවින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි චීන රජය විසින් එරට මහජනතාවට දැනුම්දී තිබෙනවා.

චීනයේ වෙළද අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය කර ඇති අතර කෙසේ වෙතත් ඉට හේතුවක් මේ දක්වා ප5කාශයට පත්කර නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් මාර්ග පුලුල් කරන ලෙසත් මිල ගණන් ස්තාවරව පවත්වාගෙන යන ලෙසත් චීන රජය මේවනවිට නියෝග කර තිබෙනවා.

කොවිඩ් වසංගතය යලි ක්‍රමයෙන් හිස එසවීමත් සමග චීනයේ ප්‍රදේහ කිහිපයක් මේවනවිට ලොක්ඩවුන් තත්වයේයි පවතින්නේ. එමෙන්ම අයහපත් කාළගුණයෙන් චීනයේ ප්‍රදේශ රැසක වගාඅස්වැන්නට දැඩි හානි සිදුව ඇති බවද විදෙස් වාර්තාවල සදහන්.

Related posts

ජගත් මහලේකම්වරයා ලෝක ප්‍රජාවට කළ ඉල්ලීමක්

Mohamed Dilsad

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට වසර 24ක සිර දඩුවම්

Mohamed Dilsad

Leave a Comment