ක්‍රීඩා

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක එක වනිඳුට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 පන්දු යවන්නන් වර්ගීකරණයේ පළමු ස්ථානය ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ඒ පන්දු යවන්නන් වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 776ක් ලබා ගනිමින්.

මේ අනුව මෙතෙක් කලක් මෙම වර්ගීකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ශම්සි දෙවන ස්ථානයට පත් වී තිබෙනවා.

ඔහු ඉදිරියේ ලියැවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 770ක්.

ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ එංගලන්ත ක්‍රීඩක අදිල් රෂීඩ් සිටින අතර ඔහු ප්‍රසාද ලකුණු 730 ක් ලබාගෙන තිබෙනවා.

මීට අමතරව වානිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයින් ගේ වර්ගීකරණ ලැයිස්තුවේ සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙන්නටත් සමත් වී තිබෙනවා.

වනිදු හසරංග මෙම වර්ගීකරණ ලයිස්තුවේ ලබා ඇති ප්‍රසාද ද් ලකුණු සංඛ්‍යාව එකසිය හැත්තෑ දෙකක් හි පළමු ස්ථානයේ සිටින්නේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී ඔහු ප්‍රසාද් ලකුණු දෙසිය දෙසිය හැත්තෑ එකක් ලබාගෙන තිබෙනවා.

අයි සී සී පන්දුවාර 20 ලොව හොඳම පන්දු යවන්නන් දස දෙනා අතරේ වේග පන්දු යවන්නන් සිටින්නේ දෙදෙනෙකු පමණයි.

ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩක අන්රිච් නෝයේ සහ එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන්.

ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලැයිස්තුවේ හත්වන සහ නව වන ස්ථානවල රැඳී සිටිනවා.

 

No description available.

No description available.

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ළඟදීම ලංකාවට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් – ICC

Mohamed Dilsad

ඉන්දියා නවසීලන්ත තරගය අද

Mohamed Dilsad

Leave a Comment