දේශීය

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

(UTV | කොළඹ) – හෝමාගම සිට කොළඹ කොටුව දක්වා අද (05) සිට නව දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව පෙරවරු 7 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පෙරවරු 8.10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පස්වරු 6.10 ට එම දුම්රිය කොළඹ කොටුවේ සිට යළි හෝමාගම බලා ගමන් ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

උද්ධමනය ඉහළට

Editor O

නීති විරෝධී මුල්‍ය ආයතන 02ක කාර්යය මණ්ඩලය අත්අඩංගුවට ගන්න නියෝග

Editor O

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළයි

Mohamed Dilsad

Leave a Comment