විදෙස්

අවුන්සාන් සුඛී 15 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | මියන්මාරය) – මියන්මාර හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රජාතන්තවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුඛීට එරට පොලිසිය චෝදනා ගොනු කර තිබේ.

ඇයව මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආනයන – අපනයන නීති උල්ලංඝනය කිරීම සහ නීති විරෝධී සන්නිවේදන උපකරණ ළඟ තබා ගැනීම සුඛීට එල්ල කර ඇති චෝදනායි.

කෙසේ වෙතත් ඇය රඳවා සිටින ස්ථානය තවමත් පැහැදිලි නොමැති අතර, ඇතැම් වාර්තා සඳහන් කළේ මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ හි පිහිටි ඇයගේ නිවසේ සුඛීව රදවා සිටින බවයි.

 

 

Related posts

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවලට සූදානම්

Mohamed Dilsad

උගන්ඩාවේ ව්‍යාජ කොවිඩ් එන්නත්

Mohamed Dilsad

ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිව විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment