දේශීය

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 146 කට අද පොදු සමාව

(UTV | කොළඹ) – අදට යෙදී ඇති 73 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ දිවයින පුරා බන්ධනාගාර තුළින් රැඳවියන් 146 දෙනෙකු නිදහස් කිරීමට නියමිතය.

ඒ අනුව දඩුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලබාදීම , ගෙවීමට ඇති දඩ අහෝසි කිරීම , වයස අවුරුදු 65 ට වැඩි දඩුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීම මේ යටතේ සිදුවෙයි.

වයස අවුරුදු 50 ට වැඩි වසර 25 කට වඩා සිරදඩුවම් විඳ ඇති සිරකරුවන් නිදහස් කිරීම හා තරුණ වරදකරුවන් අතුරින් තම දඩුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති අය නිදහස් කිරීමද මේ යටතේ සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද නිදහස්වීමට සිටින රැඳවියන් බොහෝ දෙනෙකුගේ PCR පරික්ෂණ මේ වනවිට සිදුකර ඇති බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල ලද වහාම ඔවුන් නිදහස් කල හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.

 

Related posts

පවතින තත්ත්වය හමුවේ රාජකාරී සිදුකරන රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අමතර දීමනා

Mohamed Dilsad

අද සිට වෘත්තීය ත්‍රිරෝද රියදුරන්ට ඉන්ධන ලීටර 10 ක්

Mohamed Dilsad

අලුත උපන් බිළිඳා බලන්න ගිහින් වෙඩි කෑ සිද්ධිය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

Leave a Comment