දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට

(UTV | කොළඹ ) – ඊයේ (03) කල්පිටියේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරු අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය විසින් ඔහු තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා එහිදී රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ මෙම තැනැත්තා විසින් මුන්දලම මදුරංකුලිය ප්‍රදේශයේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර අවි පුහුණුව සහ අන්තවාදී දේශණද එහිදී සිදු කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී ඇත.

මෙම ස්ථානයේ තිබී සැකකටයුතු පොත් පත් හා ලිපි ලේඛන ගණනාවක්ද සොයා ගෙන තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු බව කියන සහරාන් හෂීම් නමැත්තාද මෙම ස්ථානයේ දේශන පවත්වා ඇතැයි අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

මේ වන විට අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවයි.

Related posts

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුවට අධිකරණය දුන් නියෝගය

Editor O

බුස්ස හමුදා කඳවුරෙන් තවත් පුද්ගලයන් 10 ක් පිටත් වෙයි

Mohamed Dilsad

බස්නාහිර 2608 කට පොලිසිය විසින් අවවාද

Mohamed Dilsad

Leave a Comment