විදෙස්

ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිව විරෝධතාවයක්

(UTV| කොළඹ) – පැරීසියේ මැයි දිනය වෙනුවෙන් විරෝධතාවක් පැවැත්වුණි.ඒ ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිවය.

මෙම විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම විරෝධතාව පවත්වා ඇත්තේ ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන් ගෙන ඇති රාජ්‍ය අංශයේ ශ්‍රම ප්‍රතිසංස්කරණයට එරෙහිව ය.

විරෝධතාකරුවන් මාර්ගයේ කඩසාප්පු හා දේපළවලට හානි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම මැයි දින විරෝධතාවට කම්කරු වෘත්තීය සමිතීන්හි පුද්ගලයින් 1200කට අධික පිරිසක් එක්ව ඇති බව ය.

ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට එරට පොලීසිය පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්

Mohamed Dilsad

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

රියෝ බන්ධනාගාර ගැටුමකින් 26 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment