විදෙස්

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මහා බ්‍රිතාන්‍ය අතර සිදුකෙරෙන සියලුම සෘජු ගුවන් ගමන් අද (29) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

ඒ කොරෝනා වෛරස නව ප්‍රභේදය හමුවේ අද සිට බලාත්මක වන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය / රුවන්ඩාව සහ බුරුන්ඩි රාජ්‍යය ද සංචරණ සීමා පණවන රටවල් අතරට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගැනීම හේතුවෙන්.

මේ අනුව ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය ලෙස සැළකෙන ඩුබායි – ලන්ඩන් මාර්ගය නැවත දැනුම් දෙන තුරු අක්‍රීයව පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related posts

මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේ

Mohamed Dilsad

ගාසා ගැන තීරණාත්මක ඡන්දයක්

Mohamed Dilsad

මියන්මාර මහ මැතිවරණයේ අවුන් සාන් සුකී ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment