ක්‍රීඩා

දිල්හාර දූෂණ චෝදනා 3 කට වරදකරු වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂන මර්දන පනත යටතේ වන චෝදනා තුනකට වැරැදිකරු බවට සනාථ වී ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සලය පවසයි.

ස්වාධීන දූෂණ විරෝධී සභාවක් විසින් විභාග කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස වැරදිකරුවෙකු ලෙසට නම්කර ඇත.

2019 වසරේ නොවැම්බර් මාසයේ දී අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ ඔහුට චෝදනා ගොණුකරනු ලැබීය.

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම තවදුරටත් වලංගු වන බවත්, ඔහුට එරෙහිව ඉදිරියේ දී දඩුවම් පනවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්.

තරග පාවාදීම ඊට සහය දැක්වීම හෝ උපදෙස් ලබාදීම මෙන්ම එවැනි තරග පාවාදීමකට ලැබුනු ඇරයුම් පිළිබඳ හෙළි නොකිරීම දිල්හාර ලොකුහෙට්ටිගේට එල්ලවී ඇති චෝදනා වෙයි.

 

Related posts

අද තරඟය ගැන නායක දිමුත් කියන කතාව

Mohamed Dilsad

T 20 ලෝක කුසලාන තරඟාවලිය කල් යයි ?

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment