විදෙස්

පකිස්ථාන කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට

(UTV | පාකිස්තානය) – කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කරන බව පාකිස්තානය පවසයි.

චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත එහිදී භාවිතයට ගැනෙනු ඇති.

සෞඛ්‍ය සේවකයන්ට පළමු අධියරේදී මෙම එන්නත නොමිලයේ ලබාදීමට නියමිත අතර , කෝටි 22 ක් වන සමස්ත ජනගහණයෙන් 70 % කට එන්නත් ලබාදීම සැලසුම බව පකිස්ථාන රජය නිවේදනය කරයි.

එමෙන්ම , කොරෝනා වෛරසයට එරෙහිව මහා බ්‍රිතාන්‍ය විසින් නිපදවන ලද තවත් එන්නතක් සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇත.

නොවාවැක්ස් නම් මෙම එන්නත 89.3 % ක සාර්ථකත්ව ප්‍රතිශතයක් පෙන්නුම් කර ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

බ්‍රිතාන්‍ය තුළ පැතිර යන කොරෝනා වෛරස නව ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට පෙන්නුම් කල පළමු එන්නතද මෙය වීම විශේෂත්වයක්.

 

 

Related posts

මාර්ක් සකර්බර්ග්ට රුසියාව වෙත පැමිණීම තහනම් වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු ගං වතුර තත්ත්වය නිසා පුද්ගලයින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

නව දරුණු කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම්කරයි

Mohamed Dilsad

Leave a Comment