විදෙස්

මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවත් ක්‍රියා කරයි

(UTV| අමෙරිකාව) – කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙරෙන මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වන බව වාර්තා වී තිබේ.

අමෙරිකානු සෞඛ්‍ය විද්‍යාඥයින් ප්‍රකාශකර ඇත්තේ එම එන්නත මගින් බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මකවන බව පරීක්ෂණාගාර ප්‍රතිඵලවලට අනුව තහවුරු කර ඇති බවයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

මේ වන විට ලොව පුරා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 100 සීමාව ඉක්මවාගොස් තිබේ.

එමෙන්ම ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව ද 2,148,460 ඉක්මවා ගොස් ඇත.

 

Related posts

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්

Mohamed Dilsad

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

Mohamed Dilsad

Leave a Comment