විදෙස්

ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  ඩෙබී සුළි සුළඟ හමා සති දෙකක් ගතවීමට පෙර ඕස්ට්‍රේලියාවට තවත් සුළ සුළං අවදානමක් ළඟා වෙමින් තිබෙන බව වාර්තාවේ.

එරට කාලගුණ අංශ ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර මුහුදු තීරයේ මෙම සූළි කුණාටුව වර්ධනය වෙමින් පවතින බවය.

බොහෝ දුරට එය අද දිනයේදී දැඩි වර්ෂාපතනයක් ඇති කරමින් ප්‍රචණ්ඩ සුළං රැළි සමඟ ඕස්ට්‍රේලියාවේ උතුරුදිග දිවයින් වලට සන්ධ්‍යාවේ ළඟා වනු ඇතැය විශ්වාස කරයි.

මෙම සුළි කුණාටුව ‘ෆ‍්‍රාන්සස්’ ලෙස හැදින්වීමට කාලගුණ අංශ තීරණය කර ඇත.

පසුගියදා ක්වීන්ස්ලන්තයට බලපෑ ඩෙබී සුළි කුණාටුවෙන් ජීවිත 6ක් අහිමි විය.

Related posts

ඊජිප්තු හිටපු ජනපති අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට

Mohamed Dilsad

පාසල් සිසුවෙකුට කොරෝනා වැළඳීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment