ප්‍රමුඛ පුවත 1

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

(උදයම්,කොළඹ)  –  සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.

අභ්‍යන්තර වෙළඳ කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු මැතිඇමතිවරුන් සහභාගී වූහ.

Related posts

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පීලි පැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය ධාවනට තවදුරටත් බාධා

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් පෙර ඇප මත මුදාහැරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment