ප්‍රමුඛ පුවත 1

මෙරට අග්‍රාමාත්‍යවරයා ජපානයේ කියොතෝහි දේශනයකට සහභාගී වීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍යවරයා හමු වීමට නියමිතය.

ඊයේ(10) ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත  පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමී, ජපානයේ ශ්‍රී ලංකා

තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ  ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් විසින් පිළිගෙන තිබේ.

ජපාන අග්‍රමාත්‍ය ෂිංෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව සංචාරයේ නිරත වන අග්‍රමාත්‍යවරයා කියොතෝහිදී පැවැත්වෙන ජපාන විද්‍යා හා තාක්ෂණික සංගමයේ වාර්ෂික සැසියේ දේශනයකට ද සහභාගි වීමට නියමිතව තිබේ.

දෙරටේ අග්‍රමාත්‍යවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන අතර ආර්ථික,වෙළෙඳ සහ අයෝජන මෙන්ම විද්‍යා හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රමාත්‍යවරුන් හමුවීමට ද නියමිත අතර තවත් සංවිධාන කිහිපයක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එම සංචාරය සඳහා  මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද එක්ව සිටියි.

Related posts

මිල අධික පිළිකා ඖෂධ ඇතුලු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල පහතට

Mohamed Dilsad

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Mohamed Dilsad

ඩෙංගු මදුරුවා යළි හිස ඔසවයි…

Mohamed Dilsad

Leave a Comment