විදෙස්

ඇමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට

(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් ඇමෙරිකානු පුවත්පත් කාර්යාලයේ ප්‍රවෘත්ති කාමරය තුළට එහි වීදුරු දොර ඔස්සේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ සුදු ජාතික සන්නද්ධ තුවක්කු කරුවෙකු විසින් බව අනාවරණයවී ඇත.

20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙය අහිංසක මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයක් බව ඇමෙරිකානු ජනපතිගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුටින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මැතිවරණයට සූදානම් වෙයි

Mohamed Dilsad

බැග්ඩෑඩ් ප්‍රහාරයෙන් ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානි මියයයි

Mohamed Dilsad

Leave a Comment