විදෙස්

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මැතිවරණයට සූදානම් වෙයි

(UTV |  මැලේසියාව) – ලොව ප්‍රවීණතම දේශපාලඥයෙක් ලෙස සැලකෙන මැලේසියාවේ මහතීර් මොහොමඩ් ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ නැවතත් කතාබහක් ඇතිවී තිබේ.

දැනට 97 හැවිරිදි වියේ පසුවන ඔහු එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සැලසුම්කරන බව වාර්තා විය.

ඔහු දීර්ඝ කාලයක් එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පළමුවර වසර 22ක් එරට අගමැති ධුරය දැරූ ඔහු නැවත වරක් 2018 වසරේදී එරට අගමැති ධුරයට පත්වුණි. එවිට ඔහුගේ වයස අවුරුදු 92කි.

හෘදයාබාධයක් හේතුවෙන් 2022 වසර මුලදී ඔහු රෝහල්ගත වුවද මහතීර් පවසන්නේ තමාගේ පාර්ලිමේන්තු අසුන රැකගැනීමට තමා සූදානම් බවය.

නමුත් ඔහුගේ සභාගය ජය ලැබුවහොත් තෙවැනි වරටත් අගමැති පදවියට පත්වන්නේද නැද්ද යන්න ඔහු පවසා නැත.

Related posts

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

Mohamed Dilsad

හමුදා පාලනයෙන් මිදී ඉන්දියාවට පළා එන මියන්මාර සරණාගතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment