දේශීය

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන පොලීසියෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මිනුවන්ගොඩ පොලිස් වසමේ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බවය.

ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහු අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයේ පදිංචිව සිට ඇත.

833214292V යන ජාතික හැඳුනුම්පත් අංක හිමි අදාළ සැකකරුගේ ඡායාරූපයක් පහළින් දැක්වේ.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසෙ පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ – 0718591608
සහකාර පොලිස් අධිකාරී ගම්පහ – 0718591610
ස්ථානාධිපති මිනුවන්ගොඩ – 0718591612

Related posts

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති මියයයි

Editor O

පී.එස්.එම්.චාල්ස්, මැතිවරණ කොමිෂන් සභාවට

Mohamed Dilsad

හදිසි විදුලි විසන්දිය ගැන ඇමති කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment