ප්‍රමුඛ පුවත 1

මාතර ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මාතර ස්වර්ණාභරණ අලෙවි සල කොල්ල කෑමට පැමිණ පළා ගිය සැකකරුවන් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතර ප්‍රබල පාතාල සාමාජික හබරකඩ වසන්ත නමැත්තා ද සිටින බව පොලීසය පවසයි.

පසුව පොලීසිය හෝමගම හබරකඩ පිහිටි ඔහුගේ නිවස ඊයේ රාත්‍රියේ විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

එහිදී රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් සිය භාරයට ගැනුණි.

එම ගිනිඅවිය මාතර ස්වර්ණාභරණ අලෙවි සල කොල්ල කෑමේදී සිදු වූ වෙඩි තැබීමට භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව හබරකඩ වසන්ත නමැත්තාගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඇය ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තලවාකැලේ- පූණ්ඩළුඔය මාර්ගය පස් කන්දක් පෙරලී අවහිර වෙයි

Mohamed Dilsad

ශ්‍රි ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින් සොයා ගනී

Mohamed Dilsad

තියුණු ආයුධ පහර දීමකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment