ප්‍රමුඛ පුවත 1

තියුණු ආයුධ පහර දීමකින් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – කුච්චවේලි සහ බේරුවල ප්‍රදේශවලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

කුච්චවේලි මදුරන්කුඩා ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී 46 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

ඊයේ (12) රාත්‍රී 08.15 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කුච්චවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර බේරුවල කරදගොඩ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් 27 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන විවාදය හෙට

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

Mohamed Dilsad

ලැබුණු අමාත්‍යධූර වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් – ජනාධිපති [VIDEO]

Mohamed Dilsad

Leave a Comment