ප්‍රමුඛ පුවත 1

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

(UTV| කොළඹ) – 2018 ඉන්දීය සාගර සමුළුව අද(27)  වියට්නාමයේ හැනෝයි නුවරදී ආරම්භ වේ.

එහි සමාරම්භක සැසිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඇමතීමට නියමිතය.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ” කලාපීය නව හැඩ තල ගොඩනැංවීම” යන්න යි.

මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, වෙළඳ හා වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරනු ඇත.

සිංගප්පූරුව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් ඇරඹි සමුළුවට කලාපීය රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විෂයගත ප්‍රවීණයින් ද සහභාගී විමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ගත් උත්සහයක් වරදී

Mohamed Dilsad

පුරහල ආශ්‍රිතව දැඩි රථ වාහන තද බදයක්

Mohamed Dilsad

නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙකු වෙත නිල ලාංඡන පළඳවයි

Mohamed Dilsad

Leave a Comment