ව්‍යාපාරික

අවුරුද්දට ධීවර සංස්ථාව මඟින් නව මත්ස්‍ය අලෙවිසැල් 20ක්

(උදයම්,කොළඹ)  –   උත්සව සමය වෙනුවෙන් ධීවර සංස්ථාව මඟින් මත්ස්‍ය අලෙවිසැල් 20ක්  අලුතින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.
අලුත් අවුරුදු සමයේ මහජනතාවට අලුත් මාළු මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීම මෙම නව අලෙවිසැල් විවෘත කිරීමේ අරමුණය.
මෙම වැඩපිළිවෙල ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මකයි.
ඒ අනුව ධීවර සංස්ථාවට අයත් අලෙවිසැල් ජාලය මෙලෙස පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය කාලයේ පාඩු ලබමින් තිබු ලංකා ධීවර  සංස්ථාව රාජ්‍ය ආයතනයක් ලෙස මේ වන විට යළි ස්ථාවර වෙමින් පවති.
මෙම නව වැඩපිළිවෙළ මගින් මෙම වසර තුළ රුපියල් මිලියන 70ක ලාභයක් ඉපයීම ලංකා ධීවර සංස්ථාවේ අරමුණ වී ඇත.

Related posts

කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

Mohamed Dilsad

Dell Inspiron 7000 නෝට්බුක් පරිගණකය දැන් වෙළඳපලේ

Mohamed Dilsad

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Mohamed Dilsad

Leave a Comment