විදෙස්

පාසල් සිසුවෙකුට කොරෝනා වැළඳීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසෙයි

(UTV | කොවිඩ් 19 ) – පාසල් සිසුවෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල ආසාදිත දරුවා සමඟ සම්බන්ධතා පැවැත්වූ ළමුන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමට ද ක්‍රියාකරනු ඇත.

වසා දැමූ පාසල්වල අධ්‍යාපන කටයුතු දුරස්ථ ක්‍රමයට ක්‍රියාවට නැංවේ.

එරට අගුලුදැමීමේ සීමා ලිහිල් කිරීමත් සමඟ ප්‍රංශයේ පාසල් පසුගිය සතියේ යළි විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.

එහෙත් ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් ඇතැම් පාසල් තවමත් වසා දමා තිබේ.

කෙසේ වුවත් එරට අධ්‍යාපන අමාත්‍ය සඳහන් කරන්නේ දරුවන්ට ඉගැන්වීමෙන් වැළකී සිටීම බරපතළ ප්‍රතිවිපාක ගෙනදීමට හේතු විය හැකි බවයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 179,693 කි.

වාර්තා වන මරණ සංඛ්‍යාව 28,111 ක්.

Related posts

මිළඟ ණය වාරිකය දෙන්න, ඉටු කළ යුතු කොන්දේසි ගැන ”අයිඑම්එෆ්” කියයි

Editor O

කෝවිඩ් අතුරු ප්‍රතිඵල : චීනයේ අපනයන වලට ප්‍රබල බලපෑමක්

Mohamed Dilsad

ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය

Mohamed Dilsad

Leave a Comment