විදෙස්

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

(UTV | ඇමරිකාව) – තමා ජනාධිපති ධුරයේ දිවුරුම්දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක් බෙදා හැරීමට අපේක්ෂා කරන බව අමෙරිකාවේ ජනාධිපති ධුර ජයග්‍රාහක ජෝ බයිඩ්න් පවසයි.  

මුල් මාස කිහිපයේදී කොරෝනා වසංගතය ඇමරිකාවෙන් තුරන් කිරීම නොව හැකි පමණ අවම කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.

මුල් දින 100 තුළදී අනිවාර්යයෙන් මුව ආවරණ භාවිත කරන ලෙසටයි බයිඩ්න් මහතා පසුගියදා ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත අමෙරිකාව තුළ භාවිතයට ඊයේ (08) අනුමැතිය ලබාදී තිබේ.

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් මිලියන 15ක් පමණ එරටින් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 285,000කි.

 

Related posts

කෂෝග්ජි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

එංගලන්තයේ ඇරඹුණු ටුක් ටුක් සේවාවක්

Mohamed Dilsad

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

Mohamed Dilsad

Leave a Comment