දේශීය

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ දිනයේදී වාර්තා වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ( 20) දිනයේ වාර්තා විය.

එම සංඛ්‍යාව 887 ක්. ඉන් 873 දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වෙයි.

විදෙස්ගතව සිට පැමිණි 14 දෙනෙකුද ආසාදිතයන් ලෙස තහවුරුවීම හමුවේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 56 ,076 දක්වා ඉහළ ගියේය.

මීට අමතරව දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7816 ක්.

මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47,984 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

Related posts

පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් [RELEASE]

Mohamed Dilsad

අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන ජනපති නිලධාරීන්ගෙන් වීමසයි

Mohamed Dilsad

Leave a Comment