දේශීය

අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක්

(UTV |කොළඹ ) – ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් ඛෙත්‍රපල් සිං පවසා ඇත්තේ, තත්ත්වය වේගයෙන් වර්ධනය වන නිසා වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීමට ගන්නා සියලු උත්සහයන් වහා ම වැඩි කළ යුතු බවයි.

“සමූහ වශයෙන් වෛරසය සම්ප්‍රේෂණය වෙන බව තහවුරුවී තිබේ.

මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක් පිළිබද අනතුරු ඇඟවීමකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල් 11 අතරින් රටවල් 8ක කොරෝනාවෛරසය ආසාදිතයින් තහවුරු වී තිබේ.

තායිලන්තය – 177, ඉන්දුනීසියාව – 134, ඉන්දියාව – 125, ශ්‍රී ලංකාව – 43, මාලදිවයින් – 13, බංග්ලාදේශය – 05, නේපාලය – 01, භූතානය – 01 ලෙසයි.

Related posts

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Mohamed Dilsad

ශ්‍රීපාද වන්දනාවටත් එන්නත් කාඩ්පත

Mohamed Dilsad

Leave a Comment