දේශීය

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

(UTV | කොළඹ) – දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බවය.

ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදුකර ඉහළ ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ රහසිගත තොරතුරු ආණ්ඩුව ට ලබාදුන්නා : හෙළි කිරීම නොකිරීම ආණ්ඩුවේ වැඩක්

Editor O

ගම්පහට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

Leave a Comment