දේශීය

පිල්ලයාන් ඝාතන නඩුව අස් කර ගනී

(UTV |මඩකලපුව) – පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහි ඝාතන නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද දැනුම් දී තිබේ.

ඒ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.

2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානය තුල වෙඩි තබා මරා දමා තිබුණි.

එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ බෙදීමක් ඇති වූ සමයේදීයි, එම ඝාතනය සිදු කෙරුණි.
පසුව එවකට නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Related posts

හිටපු ජනාධිපති රනිල්ගේ විදේශ සංචාරය ගැන විමර්ශනයට, එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලූ තොරතුරු ඉල්ලීම ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

කොළඹ – හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

රැඳවුවන්ගේ බත්පතට බන්ධනාගාර නිලධාරීන් කරන වැඩක් ගැන බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment