හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය පිළිබඳ විමර්ශනය සඳහා එංගලන්තයට යවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් දැරූ වියදම් හෙළි කිරීම, ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා තිබූ අතර එම තොරතුරු ලබා දීම අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාවට සහ විමර්ශනවලට තර්ජනයක් යැයි ප්‍රකාශ කරමින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
මෛත්‍රී වික්‍රමසිංහට මහත්මියගේ, ගෞරව ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා මහජන මුදල් රු. ලක්ෂ 166ක් වියදම් කරමින්, එවකට ජනාධිපති ධූරය දැරූ, රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ බවට චෝදනා කරමින් විමර්ශනයක් ආරම්භ කළ අතර, එහි විමර්ශන සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් එංගලන්තයට ගිය ගමන පිළිබඳ තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කර තිබිණ.
කෙසේ වුවද මෙම විමර්ශකයන් එම උත්සවය සංවිධානය කළ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත ගොස් නැත.
විවිධ පාර්ශ්ව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරන ලද බොහෝ තොරතුරු විවිධ හේතු දක්වමින් ලබානොදීමට, වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු කරන පිරිස පවා හෙළිකිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
තොරතුරු ලබාදිය නොහැකි බව සඳහන් කරමින්, පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීයා ලබාදී ඇති පිළිතුර පහතින්

