දේශීය

පොළොන්නරුවේ සිද්ධස්ථාන කිහිපයක් අද දේශීය සංචාරකයින්ට සීමා වෙයි

(UTV | පොළොන්නරුව ) – පසුගිය 28 වනදා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයන් සංචාරය කිරීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක් අද පස්වරු 01 න් පසු දේශීය සංචාරකයන් වෙනුවෙන් වසා තැබීමට පියවර ගෙන ඇත.   

මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රමබාහු මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාලය අංක දෙක, රන් කොත් වෙහෙර, ලංකාතිලක විහාරය, කිරි වෙහෙර මෙන්ම ගල් විහාරය වෙත මෙම පිරිස පැමිණීමට නියමිත බවයි.

මීට අමතරව ඔවුන් හෙට (05) සීගිරිය සංචාරක කලාපය නැරඹීම සඳහා පැමිණීමට නියමිත බැවින් එදින මධ්‍යහන 12 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින් සඳහා විවෘත වන්නේ නැත.

 

Related posts

බැසිල්ට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment